Wednesday, November 18, 2015

Assasins Creed Syndicate දැන් ලබාගත හැක(Rs.100/= Only)

Post එක දාල පැය 24 යන්නත් ඉස්සෙල්ල පොස්ට් එකේ Update කරන්න උන මොකද මේක දැන් Relese වෙලා තියෙන්නේ Crack එකත් එක්කම ඒ වගේම DLC Pack දෙකකුත් තියනවා...ඒ නිසා දැන් ඔයාලට Assasins Creed Syndicate ලබාගන්න පුළුවන්...Rs.100ක් විතරයි...
මේ Post එකේ වැඩි විස්තර තියෙනවා...
මෙන්න එහෙනම් Assasins Creed Syndicate ගැන තොරතුරු ටිකක්...(උපුටා ගැනීම : RGSL - Royal Gamers in Sri Lanka https://mobile.facebook.com/messages/read/?tid=mid.1447115524942%3A430c337ed1fd1d2a33&refid=11#fua )

Assassin's Creed Syndicate කියන්නේ Assassin's Creed Game Series එකේ එන 9 වෙනි ප්‍රධාන game එක 9 වෙනි ප්‍රධාන game එක කිව්වේ Assassin's Creed Chronicles,Assassin's Creed Liberation වගේ ප්රධාන story එකට සම්බන්ධ නොවන games හැරුනාම Main Story එක Continue වෙන 9 වෙනි game එක, Assassin's Creed Game Series එකේ දැනට ප්‍රධාන Games 9ක් සහ උප ප්‍රධාන Games 13ක් ඇවිල්ලා තියනවා (ප්‍රධාන games list එක සහ උප ප්‍රධාන games list එක article එකේ පහලින් දක්වලා තියනවා) ඉතින් මේ game එකේ Developer තමයි කලින් ආපු assassin's creed games ඔක්කෝම වල වගේ Developer විදියට වැඩකරපු Ubisoft Quebec මේක දැනට ලෝකයේ තිබෙන ලොකුම studio වලින් එකක් Watch Dogs, Prince of Persia වගේ ගොඩක් ජනප්‍රිය games develope කරේ මෙයාලා තමයි, game එක හදන්න use කරලා තියෙන්නේ Anvil කියන game engine එක,එතකොට මේ game එකේ publisher තමයි Ubisoft , මේ game එක මුලින් එන්න තිබ්බේ Assassin's Creed Victory කියල නමුත් පස්සේ ඒක වෙනස් උනා.

Game එක පටන් ගන්නේ 1868 ලන්ඩනයේ සිදුවුනු කාර්මික විප්ලවයේ අවසාන කාලය වන 19වන ශතවර්ෂයේ Victorian era එකේ එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කියනවනම් victoria රැජින බ්‍රිතාන්‍ය පාලනය කරපු දවස් වල.

කලින් ආපු Assassin's Creed Unity එකේ Paris නගරයට වඩා 30% කින් විතර Assassin's Creed Syndicate එකේ London නගරය විශාලයි,game එකේ තියෙන ගොඩනැගිලි එහෙමත් Unity එකේ තිබ්බ ගොඩනැගිලි වලට වඩා ගොඩක් වෙනස් ඒ වගේම තමයි මේ game එකේ London නගරය ප්‍රදේශ 7ට වෙන් කරලා තියනවා. ඒ ප්‍රදේශ 7 තියෙන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් cultures 7ක්, ඒ ප්‍රදේශ 7 තමයි
City of London,Westminster,The Strand,The Thames,Whitechapel,Southwark,Lambeth.
game එක play කරනකොට ඒක හොඳට තේරෙයි.

කලින් ආපු assassin's creed games වල නොතිබ්බ Syndicate එකේ තියන අලුත් දෙයක් තමයි steam engine trains , game එකේ සමහරක් missions වලදි අපිට trains පාලනය කරන්නත් පුලුවන් ඒ වගේම තමයි අශ්ව කරත්ත, Riverboats වගේ දේවලුත් මේකෙ තියනවා අශ්ව කරත්ත වලින් race යන්නත් පුලුවන් Riverboats නම් තියෙන්නේ ඉතින් තේම්ස් ගඟ ආශ්‍රිතව.ගේම් එකේ තියන තවත් අලුත් දෙයක් තමයි Rope Launcher මේකෙන් Roof top එකක ඉදන් තවත් Roof top එකකට බොහොම පහසුවෙන් ලගා වෙන්න පුලුවන්. ගේම් එකේ තියන අලුත් Weapons තමයි Brass Knuckle , Kukri , Revolver , Cane Sword සහ Voltaic Bomb.

Brass Knuckle - මේක අපේ අත් දෙකේම තියන දෙයක්. ගොඩක් වෙලාවට Melee Attacks වලට තමයි පාවිච්චි වෙන්නේ.

Kukri - මේක මන්නයකට සමාන වක් පිහියක්. මේකෙන් ලේසියෙන්ම මනුස්සයෙක්ව ඉවර කරන්න පුලුවන්.

Revolver - ගේම් Series එකේ ප්‍රථම වතාවට තමයි Revolver එකක් තියෙන්නෙ. එක පාරට උණ්ඩ 6ක් Load කරගෙන ඉන්න පුලුවන් . කලින් ගේම් වල තුවක්කු වගේ Reload කරන්න ගොඩක් වෙලා යන්නෙත් නෑ.

Cane Sword - මේක තමයි Main Weapon එක. තල තුනක් තියන කඩුවක්

Voltaic Bomb - මේකත් ප්‍රථම වතාවට තමයි Assassin's Creed Series එකේ තියෙන්නෙ. මෙකෙන් නිකුත්වන Current එකකින් සතුරන්ව ටික වේලාවකට අඩපණ කරන්න පුලුවන්.

Assassin`s Creed Series එකේ ප්‍රථම වතාවට අපට
පාලනය කරන්න චරිත 2ක් තිබෙනවා ඒ තමයි Jacob Frye සහ එයාගෙ නිවුන් සහෝදරිය වන Evie.

Story Mode එකේ Mission වල හැරෙන්න Open World Play කරනකොට අපට කැමති වෙලාවක මේ දෙන්නගෙන් ඕන කෙනෙක් තෝර ගන්න පුලුවන්. (GTA V වල වගේ)
Game එකේ ගොඩක් missions play කරන්න තියෙන්නෙ Jacob Frye
ගෙන් Evie ගෙන් නම් play කරන්න තියෙන්නේ බොහෝම අඩු mission ප්‍රමානයක් ප්‍රතිශතයක් විදියට ගත්තොත් 75% විතර Jacob Frye ගෙනුත් 25%ක් Evie ගෙනුත් තමයි play කරන්න තියෙන්නේ. Jacob කියන්නෙ අති දක්ෂ සටන් කරුවෙක්. ඒ වගේම Evie කියන්නෙ හොර වැඩ වලට දක්ෂ , කපටි කෙනෙක්. ගේම් එකේ කතාව තමයි මේ දෙන්නා Crawley කියන නගරයෙන් London වලට එනව. එතකොට London වල රාජකීය හා ආගමික බලය පිරිහිලා තියෙන්නෙ. බලය තියෙන්නෙ Templars ලගෙ අතේ . මේ දෙන්න එකතු වෙලා ඒ බලය Templars ලගෙන් Assassin`s ලට ගන්න එක.

මේ ගේම් එකේ දැනට තියන තොරතුරු අනුව Multiplayer Mode එකක් එන්නෙ නෑ. ඒකියන්නෙ Single Player විතරයි.මේ ගේම් එකේ DLC එකක් එනව කියල Confirm වෙලා තියනව .ඒ තමයි The Dreadfull Crimes මේකේ Mission 10ක් වගේ තියනවා.

Main Mission හැරුනම තව Side Missions වර්ග 5ක් විතර තියනවා.ඒවා තමයි , Bounty Hunting , Templar Assassinations , Strongholds , Liberations , Gang Wars

Bounty Hunting - London වල ඉන්න දරුණු අපරාධකරුවන් අල්ලගන්න පොලීසියට උදව් කරන්න තමයි මේ Mission වල තියෙන්නෙ.

Templar Assassinations - London වල ඉන්න රජයේ දූෂිත නිලධාරින් ගේ රැකවරනය යටතේ ඉන්න Templar ලව හොයල විනාශ කරන්න තමයි මේ Mission වල තියෙන්නෙ.

Liberations - වහල් භාවයට පත් කරගෙන ඉන්න සිරකරුවන්ව බේරගන්න තමයි මේ Mission වල තියෙන්නෙ.

Strongholds - ප්‍රදේශ 7 ඉන්න මැර කල්ලි වල නායකයන් ගේ බලකොටු වලට Attack ඒවා අල්ලගෙන නගරය Assassin`s ලගෙ පාලනයට ගන්න තමයි මේ Mission වල තියෙන්නෙ.

Gang Wars - ප්‍රදේශ 7 ඉන්න මැර කල්ලි වල ප්‍රධාන නායකයන් ව ඉවරයක් කරන්න තමයි මේ Mission වල තියෙන්නෙ.(සාමාන්‍යයෙන් මේකෙදි අපිත් එක්ක ලොකු පිරිසක් එනව මැරයන් ට එරෙහිව.ඒ කියන්නෙ පොඩි යුද්ධයක් වගේ එකක්. )

ගේම් එකේ සල්ලි හොයන්නත් විදි 4ක් තියනව.එවා තමයි,Train Robberies , Fight Clubs , Street Races , Cart Escorts

Train Robberies - කෝච්චි Hijack කරල ඒවා කොල්ලකන්න පුලුවන්.

Fight Clubs - මේකේ කරන්න තියෙන්නෙ Club එකකට ගිහින් Fight කරන්න. ඒවලින් දිනුවම තමයි සල්ලි හම්බ වෙන්නෙ.

Street Races - නගරයේ ඉන්න අනිත් Racers ල එක්ක අශ්ව කරත්ත වලින් රේස් යන්න තමයි මේකේ තියෙන්නෙ.

Cart Escorts - සල්ලිකාර මිනිස්සුන්ගෙ අශ්ව කරත්ත පැහැර ගන්නත් අපට පුලුවන්.

මෙන්න දැනට ආපු Assassin's Creed ගේම් ලිස්ට් එක
Main Series

1 Assassin's Creed
2 Assassin's Creed II
3 Assassin's Creed: Brotherhood
4 Assassin's Creed: Revelations
5 Assassin's Creed III
6 Assassin's Creed IV: Black Flag
7 Assassin's Creed Rogue
8 Assassin's Creed Unity
9 Assassin's Creed Syndicate

Other games

1 Assassin's Creed: Altaïr's Chronicles
2 Assassin's Creed: Bloodlines
3 Assassin's Creed II: Discovery
4 Assassin's Creed: Project Legacy
5 Assassin's Creed: Lost Legacy
6 Assassin's Creed: Recollection
7 Assassin's Creed: Multiplayer Rearmed
8 Assassin's Creed III: Liberation
9 Assassin's Creed: Utopia
10 Assassin's Creed: Pirates
11 Assassin's Creed Memories
12 Assassin's Creed Chronicles
13 Assassin's Creed Identity

Assassin's Creed: Pirates කියන්නේ දැනට android phones සදහා නිකුත් වෙලාතියන Assassin's Creed game එක ඒකත් පට්ට ඒකේ තියෙන්නේ Assassin's Creed IV: Black Flag වල වගේ story එකක්
Assassin's Creed Chronicles game එකේ ඒ වගේම තව game 2ක් confirm වෙලා තියෙන්නේ ඒ තමයි Assassin's Creed Chronicles: Russia සහ Assassin's Creed Chronicles: india
බොහෝ විට ඊලඟට එන Assassin's Creed game එක දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ සිද්ද්වෙන කතාවක් වේවි
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් මේ game එක මේ අවුරුද්දේ එන පට්ටම game වලින් එකක් වේවි කියල...

මේක Play කරන හොද PC එකක් තියෙන්න ඕනේ මොකද Unity වලට ඉලපු අවම සුදුසුකම් මේකටත් ටිකක් වැඩිපුර ඉල්ලනවා....

 Minimum : i5 Prosesor / gtx 680 2gb vga/ 6gb ram / 50gb HDD

එහෙනම් තවත් මේ වගේ පට්ට පොස්ට් එකකින් හමුවෙමු...ඔයාලට අඩු ගානකට 100% ක් වැඩ කරන PC ගේම් ගන්න ඕනේ නම් මේ Link එකට යන්න : http://pcgsinhalen.blogspot.com/2015/11/games-100.html



1 comment:

  1. i have i3 with 4gb ram and 1gb graphics ,1tb hdd can i play ac syndicate ??

    ReplyDelete

මේ පොස්ට් එක ගැන ඔයාලගේ අදහස් පහලින් ලියල යන්න...